දේශපාලන වාර්තාකරු I
පසුගියදා සම්මත වූ මැතිවරණ වියදම් නියාමන පනත අනුව නාමයෝජනා බාරගැනීමෙන් දින පහක කාලයක් තුළ ඒ ඒ ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණයේදී වියදම් කළ යුතු මුදල (වියදම් සීමාව) මැතිවරණ කොමිසම විසින් දැනුම් දිය යුතුය.
මේ සම්බන්ධයෙන් දේශය මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් කරුණු විමසූ විට ඔහු සඳහන් කළේ එකී පනත අනුව එක් එක් අපේක්ෂකයන් මැතිවරණයට වියදම් කළ යුතු වියදම් සීමාව කොපමණද යන්න දැනුම් දීමට මැතිවරණ කොමිසම සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. එහෙත් ඊට පෙර පසුගියදා සම්මත වූ පනත නීතිගත කිරීමට කථානායකවරයාගේ අත්සන යෙදිය යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.